1
විශාරද නන්දා මාලිනී-ඈත පෙනෙන කඳු පාමුල
thilzz
ඈත පෙනෙන කඳු පාමුල පිට්ටනියක හරක් කවන
පුංචි පුංචි ලමෝ පෙලක් සෙල්ලම් කරතී
ඝන නිල් කොල පිරුනු ගසක් කිරි වතුරින් නාවන ලෙස
කඳුහිස් දවටා මීදුම් පහලට බසිතී
හීන් හඬින් ගලා බසින කඳු අතරෙහි දොලක ඈත
ගෑණු පිරිමි රංචු රංචු බැස දිය නාතී
වත්ත පහල ගහේ බැඳපු බඹර පෙත්තෙ හුලන් වැදී
රුං ගා කැරකැවෙන හඬින් කුරුල්ලෝ යතී
කෝපි කොකෝ තේ වතු සහ කඳුහිස් ඇල දොල පීරා
හමන සීත සුලන් රැල්ල ගත සිත පිනවයි
වලාකුලේ හැංගීගෙන වැසි දෙවියන් විසින් එවන
සිරිපොද වැස්සෙන් නිතරම කඳුහිස් තෙමෙතී
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg7vCtKu6R1Rw_FAVZ2ehXy1HdqgA4Q3tviQZgOLnqT5lRkjM9CRYGtaPO6h6vYg4aP91Zb5DNIAig0awPCZQdbORC3-R6-vOvU82DfU3JwvLKlfKrsZgYawUo1ejZL0sLQmia6_-NYs0E/s400/dlbtn3.png)

0
විශාරද නන්දා මාලිනී-රෝස ගසින් මල්
thilzz
රෝස ගසින් මල් අවලා තෝස වැඩෙයි සිත විපුලා
මේ සමාන කුමන මලා දෑස කුමට මෙය නොබලා
ලොල් වඩමූ මල් කඩමූ වැල් ගොතමූ බෙල්ලෙ ලමූ
මාගේ නංගිගෙ කම්මුල වාගේ රුව ඇති මේ මල
ඈගේ මෙන් සිඹිනෙමි බල කාගේ සිත නොකෙරෙද ලොල

මෙන්න මෙ හොර මී මැස්සා පැන්නෙ මලට ලෙස පිස්සා
ගන්නට රොන් උගෙ රිස්සා යන්නට දෙමු මල ගස්සා
ලොල් වඩමූ මල් කඩමූ වැල් ගොතමූ බෙල්ලෙ ලමූ///
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhFvfJs39TpbsnTtaX_A81qOQ2Q1Jhw50YOXIp4uK73sNHDzBu3QYzRs-si2s7mifj8hi0aRRqU3wTembe63rrtq8mDwZ1jVCbUYO93yhdQbpSYzOxSbeZfFuS5hbJ6ATVj5Lh87aRvjFM/s400/dlbtn3.png)

Subscribe to:
Posts (Atom)