skip to main |
skip to sidebar
පහන තියා බුදු සාදුට හිමිදිරියේ
සැමදා දෙන්නා ගෙදරින් එනවා
ඇස් නොපෙනෙන අම්මා ගෙයි තනිකරලා
කෝච්චියේ විරිඳු කියන්නට එනවා
අපි කෝච්චියේ විරිඳු කියන්නට එනවා
කන් කන් බූරු //
සින් සින් නෝරු //
මං කී දේ කරනවද
ඕඕ..ඕඕ..
මං කී දේ අහනවද
ඕඕ..ඕඕ..
මේ හොඳ ලස්සන බෝනික්කා
තනිවී හඬනා හැටි දැක්කා
ඒකයි විල ඉවුරේ ඉඳලා අපි
එක්කරගෙන ආවේ
ඇය කොණ්ඩෙ දිගට දාලා හැම උදේම එනවා
පාට පාට මල් වැටිච්ච සාරි අඳිනවා
පොත් මිටියයි කුඩෙයි අතේ නෑ වරදින්නේ
එයාට අපි 'ටීචර්' කියලයි අමතන්නේ
සුරතල් නංගියෙ අපෙ අම්මා
ඇඟ ලේ කැටි කිරි කර නම්මා
පොඩි අවදියෙ අප හට පෙව් හින්දා
අම්මට මම වැන්ඳා
අයියා කීවා මට හරි නෑ
තාත්තා අම්මට වැඩිය හොඳයි
නිතරම අප ගැන වෙහෙසෙන හින්දා
පියාට මම වැන්ඳා
සීනි කෝපි තේ කිරි තේ
වෙරළු මසං ජම නාරං
කොස් දෙල් පොල් මිරිස් ගන්න
එන්න එන්න මෙන්න අපේ
සීනි බෝල හෝටලේ//
රුං රුං හඬ දීලා
හොඳම තැනක් බලලා
මුං ඇට තරමේ මැටි ගුලි ගෙනල්ලා
එක පිට එක තබලා
රන් කුඹලා උළුවස්සේ උඩ අපෙ
පුංචි ගෙයක් හැදුවා
පොඩි කාලේ දඟ කෙරුවාම
හඬමින් කරදර කෙරුවාම
ඔබ දෑතට අරගෙන මාව
නළවා දොයි දොයි කිව්වා
අම්මා.. පෙම්බර අම්මා..
තාත්තා.. පෙම්බර තාත්තා..