1
විශාරද නන්දා මාලිනී-ඈත පෙනෙන කඳු පාමුල
thilzz
ඈත පෙනෙන කඳු පාමුල පිට්ටනියක හරක් කවන
පුංචි පුංචි ලමෝ පෙලක් සෙල්ලම් කරතී
ඝන නිල් කොල පිරුනු ගසක් කිරි වතුරින් නාවන ලෙස
කඳුහිස් දවටා මීදුම් පහලට බසිතී
හීන් හඬින් ගලා බසින කඳු අතරෙහි දොලක ඈත
ගෑණු පිරිමි රංචු රංචු බැස දිය නාතී
වත්ත පහල ගහේ බැඳපු බඹර පෙත්තෙ හුලන් වැදී
රුං ගා කැරකැවෙන හඬින් කුරුල්ලෝ යතී
කෝපි කොකෝ තේ වතු සහ කඳුහිස් ඇල දොල පීරා
හමන සීත සුලන් රැල්ල ගත සිත පිනවයි
වලාකුලේ හැංගීගෙන වැසි දෙවියන් විසින් එවන
සිරිපොද වැස්සෙන් නිතරම කඳුහිස් තෙමෙතී
පුංචි පුංචි ලමෝ පෙලක් සෙල්ලම් කරතී
ඝන නිල් කොල පිරුනු ගසක් කිරි වතුරින් නාවන ලෙස
කඳුහිස් දවටා මීදුම් පහලට බසිතී
හීන් හඬින් ගලා බසින කඳු අතරෙහි දොලක ඈත
ගෑණු පිරිමි රංචු රංචු බැස දිය නාතී
වත්ත පහල ගහේ බැඳපු බඹර පෙත්තෙ හුලන් වැදී
රුං ගා කැරකැවෙන හඬින් කුරුල්ලෝ යතී
කෝපි කොකෝ තේ වතු සහ කඳුහිස් ඇල දොල පීරා
හමන සීත සුලන් රැල්ල ගත සිත පිනවයි
වලාකුලේ හැංගීගෙන වැසි දෙවියන් විසින් එවන
සිරිපොද වැස්සෙන් නිතරම කඳුහිස් තෙමෙතී
Subscribe to:
Posts (Atom)