skip to main |
skip to sidebar
මලක් නෙලා ගෙනවිත් බුදුසාදුට පිදුවා
ඒ දැක බුදුසාදු මදෙස හෙමිහිට බැලුවා
බොරුවක් නොව මේ කියන්නෙ
ඇත්තම ඇත්තෙන්
මේ මල මම නෙලා ගත්තෙමගෙ මල් වත්තෙන්
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi6mmiyTZbyhRvQ4LYV9yNRr9Uh-8gGHh-QanVIlhYzUkUtlVg7qkmV0axpF76miSFrPiQfQBE3-xsp_VR5VzOlGZwy-Joax7RsF2-jr3deQdmv-wSA2Lf2NY5opRtTHeYnvDpr4FGkaqo/s400/dlbtn3.png)
පින් සිදුවෙන්නේ අනේ බාල ලමුන්නේ
මගේ කුඩා නිවස කඩා බිම නොදමන්නේ
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEie_bl0tqdRmWifKq3uu35tDTgiH2GNxzJVHPx4Hj3xXPpZc9ABk9ArDg5OtICT7rdutdIDce_-0vVZMwnK-A0Fs_Z7N9RKvSvT78okuji1MtRtLWzSOOT9s_g33-oWmGcpTMf5wIl1GVk/s400/dlbtn3.png)
මට මෑණි වගේ මට පියා වගේ
මට ආදර මගෙ ලංකා
ආගම ද මගේ ජාතිය ද මගේ
මට ඉහලයි සිරි ලංකා
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiNEaoIL-P_7E9oAx6h0wR-bbOBFqQFfh-cb6yMfqmgfMCBwhJ-azdoY_Z3T4fMdMOjGso-4Mc0eWojY1SShD-Ayq2P-mLWmlD5zgiX-Z94s1kcpxvndKPQntPztjhyphenhyphenAEcc1nvVg3Liffk/s400/dlbtn3.png)
මා බාල කාලේ අම්මාගෙ උකුලේ
නැලවූනු තාලේ මට තාම සිහිවේ
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi-eIYEKpjJIBaGOeYqwVxgOZi7IKHwZesy2jczZE0IbSn-pKnU6tajwOHAaUJB4V2q5jLMH8cY90HDQg4idTXbfgqkGAAMKVjeOV_dKUBWqhs2riv3tkmdUKrQmJLq-CJdMw-0Hv4UedY/s400/dlbtn3.png)
කොටු වැටිච්ච පුංචි සරම
ඇඳන් නටන මල්ලියා
ගෙදර නිතර දබර කරන
පුංචි මල්ලියා
මගේ මල්ලියා සුරතලා චන්ඩියා//
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhGduX7pmYk3MkFfeavQDQaYBRJDtHYlTxO3D17LiPcpHXmwzBsKpJPIjQu1zQU3J9-oIr1ugC0jh2nqimGPo3nZbVGQ4FKvAyHOG1M6o9nqanWuQZZHVy-86nma5ZWPDTatKkKj3WXcYM/s400/dlbtn3.png)
දැන් නිවාඩු කාලෙ හින්ද නෑ ඉස්කෝලේ//
හායි හායි ආපි ඔන්න සෙල්ලම් කාලේ
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjxgZM8gORj7K2Jh8cuB_j4AKv5Cxfrr4Z0FuT723YBc1O1ZGrfohnCcp8xIdPDeNNA4xmslwOI9wgL2Y2OKvK-o6iSF-4PGYbGOvsoGrRszYpBEDvg4zXPmicckv7LcaJ4ExKdYKXy9fY/s400/dlbtn3.png)
සිඟිති ලොවේ සුරතල් හඳයා
සිහින රටේ සිට ආ හඳයා
ලපටි සිතුම් හඳුනන හඳයා
අදත් හෙටත් හිනැහෙයි හඳයා
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhvo1tR-mBkUJ4rnpzVCh76kTC5QSkIlelbrZXd0NE44hxSG9kRqOeV4pH2Oiy2kJsAJIUWFjnHyeMLIbUTiJ3rOYsN-8gKnDVwoXT1sh1DNAhv-aul3c-7GWloAa2xNcUvEf-Q879InAU/s400/dlbtn3.png)
ආදරේ ඇයි පොඩි හඳ මාමේ
ඔබට මෙතරම් දරුවෝ හඳ මාමේ
කිරි පැණී මට ගෙනැවිත් දෙන්කෝ//
හිමින් සැරේ හඳ මාමේ
ගී කියා ඔබටයි අමතන්නේ//මේ පුංචි නංගා ඔබගේ හඳ මාමේ
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgl7ldCACnOoTARpo6gZWoBs2kuK2nS87g0Z4rJCNHWu_AUTaz0ex9yYSXnuZKpEHC4mfu0KEV8sq2V6lu7pqx-UyoiOf5VkvQPkMdULQ3tztirzG-2VzAML4QdpRqBijvi4161YZJHXnU/s400/dlbtn3.png)
මොනවද අම්මේ අකුරු ජාතියක්
මල් පෙතිවල කවුදෝ ලියලා
කවුරුද අම්මේ ඒවා ලියන්නේ
පාට පාට ඉරි හැඩ දාලා
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj3v8jr8aKwYvG8H8j5Hi4heWGPktKnYvn-2O6zF4Omkg1XrXt4YEIhEalz5-QVyuA0xVUdAAl_XLURs0ZG3LmhLCDKOEu2RUX_nwB8gwNteqPbKTbceHIz7DDx7_IMm-iGVtdbxmDotGw/s400/dlbtn3.png)
අම්බිලිමාමේ ඔබ මොකද කරන්නේ//
පුළුන් වළා යටින් ඉඳන් එබිල බලන්නේ
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh_1JzuXMj2hvfhSxdOyK46t43M7RAXmnvDjf1o_UVEcJivQCd3KUfW4N99uKhymtcySWrY6oUkErwKbA2L3T6o-xuakc9lqgHfotCjXLqWhKH_Y0yxJXnguQ6ckmmu8e7PegJ8flNkC_g/s400/dlbtn3.png)