1

ඇය කොන්ඩෙ දිගට දාලා (ටීචර්)

Wednesday, September 7, 2011
ඇය කොණ්ඩෙ දිගට දාලා හැම උදේම එනවා
පාට පාට මල් වැටිච්ච සාරි අඳිනවා
පොත් මිටියයි කුඩෙයි අතේ නෑ වරදින්නේ
එයාට අපි 'ටීචර්' කියලයි අමතන්නේ






0

සුරතල් නංගියෙ අපෙ අම්මා

සුරතල් නංගියෙ අපෙ අම්මා
ඇඟ ලේ කැටි කිරි කර නම්මා
පොඩි අවදියෙ අප හට පෙව් හින්දා
අම්මට මම වැන්ඳා

අයියා කීවා මට හරි නෑ
තාත්තා අම්මට වැඩිය හොඳයි
නිතරම අප ගැන වෙහෙසෙන හින්දා
පියාට මම වැන්ඳා



0

සීනි බෝල හෝ‍ටලේ

සීනි කෝපි තේ කිරි තේ
වෙරළු මසං ජම නාරං
කොස් දෙල් පොල් මිරිස් ගන්න
එන්න එ
න්න මෙන්න අපේ
සීනි බෝල හෝ‍ටලේ//





0

රුං රුං හඬ දීලා - රන් කුඹලා

රුං රුං හඬ දීලා
හොඳම තැනක් බලලා
මුං ඇට තරමේ මැටි ගුලි ගෙනල්ලා
එක පිට එක තබලා
රන් කුඹලා උළුවස්සේ උඩ අපෙ
පුංචි ගෙයක් හැදුවා



0

පොඩි කාලේ දඟ කෙරුවාම

පොඩි කාලේ දඟ කෙරුවාම
හඬමින් කරදර කෙරුවාම
ඔබ දෑතට අරගෙන මාව
නළවා දොයි දොයි කිව්වා
අම්මා.. පෙම්බර අම්මා..
තාත්තා.. පෙම්බර තාත්තා..