0

පේලි පේලි පේලි

Wednesday, June 27, 2012
පේලි පේලි පේලි සැදී ඇත්තු ඇදෙනවා
පේලි පේලි පේලි සැදී නැට්ටුවො එනවා
බෝල බෝල බෝල වගේ එළි කැරකෙනවා
පාර දිගේ විහාරයට පෙරහැර යනවා
අපේ ගමේ විහාරයට පෙරහැර යනවා//


0

මගෙ හොඳ පූසී

මගෙ හොඳ පූසී උගෙ නම රෝසී
හැමතැන එයි මා පසුපස්සෙන්
මගේ හොඳම යහලුවා නිසා
එයාට නං හරියට වාසී//


0

කුරුම්බැට්ටි මැෂිමේ

කුරුම්බැට්ටි මැෂිමේ මගෙ කුරුම්බැට්ටි මැෂිමේ//
ගවුම් පොඩිත්තක් මහලා ඕනෙද
කමිස පොඩිත්තක් මහලා ඕනෙද


0

හර්ෂන දිසානායක-රත්නපුරෙන් ගෙන ආ

රත්නපුරෙන් ගෙනා ආ සමන් මල් සුවඳින් හද පුරවා
කලා වැවෙන් සුදු නෙලුම් නෙලාගෙන දෝත පුරා
රුහුණු පුරෙන් එන ලා කෑල මල් සුවඳ කොකුම් තවරා
අලිමංකඩ තොටමුනට වෙලා අපි බලා හිඳිනවා
නාගදීපයේ දොරගුළු ඇරෙන තුරා
 
1

සෙන්පතියන් ගැන

Saturday, June 9, 2012
 සෙන්පතියන් ගැන නැව්පතියන් ගැන
කතා අහනකොට අම්මේ
මට හරි ආසයි මට හරි ආසයි
ඒ ඇයි මගෙ හොඳ අම්මේ

සෙන්පතිකමටයි නැව්පතිකමටයි
නම ගිය සිංහල ආරේ
ගති නෑරේ පුත ඒකයි ඔබ හට
ඒ ගැන එතරම් ආසා

මහ පඬිදුන් ගැන මහ කිවිඳුන් ගැන
කතා අහනකොට අම්මේ
මට හරි ආසයි මට හරි ආසයි
ඒ ඇයි මගෙ හොඳ අම්මේ

මහ පඬි රුවනට මහ කිවිවරුනට
තෝතැනි වූ ලක් දෙරණේ
හෙල පුතැකුවැ ඔබ ඉපැදුන පිනටයි
ඒ ගැන එතරම් ආසා

හේන් කුඹුරු ගැන ගොපළු ලියන් ගැන
කතා අහනකොට අම්මේ
මට හරි ආසයි මට හරි ආසයි
ඒ ඇයි මගෙ හොඳ අම්මේ

ඈත එපිට සිට ගොවි රජ දහනකි
සෝබන සිරිබර ලංකා
ගොවිකම ඔබටත් උරුම නිසාවෙනි
ඒ ගැන එතරම් ආසා

එඩිතරකම් ගැන බියනැතිකම් ගැන
කතා අහනකොට අම්මේ
මට හරි ආසයි මට හරි ආසයි
ඒ ඇයි මගෙ හොඳ අම්මේ

එඩිතරකමටයි බිය නැතිකමටයි
පෙර සිට සුපතල හෙලයේ
ඉපැදුනු ඔබ තුල ඒ ගති නැති නම්
ඒ නොවැ පුදුමය පුතුනේ