1

සෙන්පතියන් ගැන

Saturday, June 9, 2012
 සෙන්පතියන් ගැන නැව්පතියන් ගැන
කතා අහනකොට අම්මේ
මට හරි ආසයි මට හරි ආසයි
ඒ ඇයි මගෙ හොඳ අම්මේ

සෙන්පතිකමටයි නැව්පතිකමටයි
නම ගිය සිංහල ආරේ
ගති නෑරේ පුත ඒකයි ඔබ හට
ඒ ගැන එතරම් ආසා

මහ පඬිදුන් ගැන මහ කිවිඳුන් ගැන
කතා අහනකොට අම්මේ
මට හරි ආසයි මට හරි ආසයි
ඒ ඇයි මගෙ හොඳ අම්මේ

මහ පඬි රුවනට මහ කිවිවරුනට
තෝතැනි වූ ලක් දෙරණේ
හෙල පුතැකුවැ ඔබ ඉපැදුන පිනටයි
ඒ ගැන එතරම් ආසා

හේන් කුඹුරු ගැන ගොපළු ලියන් ගැන
කතා අහනකොට අම්මේ
මට හරි ආසයි මට හරි ආසයි
ඒ ඇයි මගෙ හොඳ අම්මේ

ඈත එපිට සිට ගොවි රජ දහනකි
සෝබන සිරිබර ලංකා
ගොවිකම ඔබටත් උරුම නිසාවෙනි
ඒ ගැන එතරම් ආසා

එඩිතරකම් ගැන බියනැතිකම් ගැන
කතා අහනකොට අම්මේ
මට හරි ආසයි මට හරි ආසයි
ඒ ඇයි මගෙ හොඳ අම්මේ

එඩිතරකමටයි බිය නැතිකමටයි
පෙර සිට සුපතල හෙලයේ
ඉපැදුනු ඔබ තුල ඒ ගති නැති නම්
ඒ නොවැ පුදුමය පුතුනේ



1 comments:

Anonymous said...

ලස්සන සිංදුව

Post a Comment