3

හොර පූසෙක්

Wednesday, June 27, 2012
හොර පූසෙක් ඤාව් ඤාව්
බටු මීයෙක් සටස් පටස්
හොර පූසියි බටු මීයයි තරඟෙට දිව්වා
පූසි වැටිල කිරි හැලියට
මීයා වැටිල පැණි හැලියට
අපිට හරි හිනා//


0

දණගාද්දි ඇවිදින්නට

දණගාද්දි ඇවිදින්නට මට අත දුන්න
ගුරුහරුකම් හොඳ නොහොඳත් කියලා දුන්න
මහලුව බැරිවුනාම ඔබ හට ඇවිදින්න
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න//


1

පොලිස් හාමිනේ මං

හන්දියෙ ඉඳගෙන නිසි මග පෙන්වන පොලිස් හාමිනේ මං
එන්න නංගිලා එන්න මල්ලිලා ඔබේ හිතවතිය මං


0

උදෑසනම පොඩි අපි

උදෑසනම පොඩි අපි දුවයනවා
කොහේද සැඟවී එළියට එනවා
උදේ පාන්දර පාසැල් යන්නට
බසයක් ඇවිදින් කතාකරනවා


0

දීපිකා ප්‍රියදර්ශනී-අන්න බලන්

අන්න බලන් ඉඳිකඩ ලඟ කොක්කු රෑන වගේ ඇවිත්
පුංචි එවුන් නුඹ එනකන් පාර බලනේ
හීන් සැරේ ගිහින් උන්ට එකතු වෙයන්නේ