skip to main |
skip to sidebar
ඕලු පිපීලා විල ලෙලදෙනවා
සුදට සුදේ නංගෝ
ඕලු නෙළාලා මාල ගොතාලා
පළඳිමු අපි නංගෝ

දිය ගොඩ සැමතැන කිරි ඉතිරේ
ගස්වැල් කිරි මුහුදේ කිමිදේ
මද මුදු සුළඟින් අප නැළවෙන්නේ
බැබලෙන හඳ පානේ

නිල් අහස් තලේ අගේ නෑ වළකුලූ
ලාස්සනයි පුරා හඳේ රෑස් විහීදිලා
නිල් නෙලුම් නිදා වැටේ මානෙල් මල් පිපී
ලාස්සනයි පුරා හඳේ රෑස් විහීදිලා

කටු අකුලේ මල් ඇහැලේ
රළු අහසේ තරු හිනැහේ
රළු අහසේ තරු හිනැහේ
කටු අකුලේ මල් ඇහැලේ

හිනැහේවී බෝනික්කා ඇස් නටවා බල බලා
නැළවීලා මා උකුලේ දොයි දොයි දොයි දොයි බබා//
ජපන් රටේ උපත ලබා ලංකාවට ආවා//
ලස්සන හැඩ රුව හින්දා අම්මා ගෙන ආවා//
උපන්දිනේ මා සනසා තෑග්ගකට දුන්නා//

මගෙ පොඩි යාලූ නෙළමුද ඕලූ
මගෙ පොඩි යාලූ නෙළමුද ඕලූ
ගඟට යමූ ඔරු පදිමූ
මල් නෙළමූ කවි කියමූ
