skip to main |
skip to sidebar
අම්මාගෙ උකුලේ නැළවී
තාත්තාට සුරතල් වෙවී
පාසල් ගොසින් උදය කාලේ
පසුවීලා යයි මාගෙ බාලේ

කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන
ඉබි ගමනින් යන්නේ
උදේම නාගෙන චීත්තෙ ඇඳගෙනආච්චි මේ එන්නේ

හොඳ හොඳ ළමයින් අපි වාගේ
මේ මවුබිම ඉපදී ඉන්නේ
අත්පොඩි ටික එකමුතු කරලා
රකිමු අපේ සිරිලක් අම්මා///

ඕලු නෙලුම් නෙරිය රඟාලා
කිකිණි හඬන වළා නගාලා
ගඟුල් තොටිල්ලේ මල් ඇතිරිල්ලේ
මගේ කුඩා ඔරුව හබල් ගා
යමු නැළවිල්ලේ නැළවිල්ලේ නැළවිල්ලේ
ඇදී ඇදී යන්න නදී රිදී තොටිල්ලේ

මොනවද මුත්තේ මොකද කරන්නේ
මොකටද ඔබ ඔය බිම හාරන්නේ
ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි
අඹ ඇටයක් සිටුවන්නට හාරමි

දකුණ නැගෙනහිර බටහිර උතුරද
එක කොඩියේ හෙවණේ
එකමැ දැයක් වී මහ බලයක් වී
පෙරටමැ යමු ලංකා ලංකාඉපැදුනු අප හට ලක් පොළොවේ
සුරුවිරුකම් උපතින් හුරුවේ
දක්වමු දස්කම් ලස්කම් විස්කම්
විස්මවමින් මුලු ලෝ

ටක් ගානව ටික් ගානව ටිකක් කනව දොර වහනව
හුණු කිල්ලොටයක් අරගෙන සීය බුලත් විට හපනව
අනේ සීයෙ අමල්බිසෝ කතන්දරේ කියන්නකෝ
අනේ සීයෙ අමල්බිසෝ කතන්දරේ කියන්නකෝ

ලංකා ලංකා පෙම්බර ලංකා
පිනවමු ඔබ ලංකා
හොබවමු ලංකා ඔබ දිවිදී
සුරකිමු ඔබ ලංකා
