2

සුනිල් සාන්ත-මිහිකත නළවාලා

Monday, May 17, 2010
මිහිකත නළවාලා
මග මල් ගන්වාලා
පාසල වෙත යන මේ
පිටිසර හෙල ගුරුලි
ය සැරදේ

0

පණ්ඩිත් අමරදේව-හඳපානේ වැලිතලා

හඳපානේ වැලිතලා සුර කුමරියො මල් සලා
මිහිරි ලලිත ගී ගලා නටති මේ රැයේ


1

අක්කෙ අක්කෙ අර බලන්නකෝ

අක්කෙ අක්කෙ අර බලන්නකෝ
වැස්සක් නොවැ එන්නේ
හෝ හෝ හෝ ගාගෙන එන්නේ
ගස් ගල් පෙරලෙන්
නේ
හුළං තදයි විදුලියද කොටයි
හෙණ හඬ පැතිරෙයි
මහ වළාකුලක් මේ එන්නේ


0

එඩ්වඩ් ජයකොඩි-තැන තැන රවුමට

තැන තැන රවුමට ඉඳගෙන
ඉද හිට එබිකම් කර කර
ලේන්සු හංගන්න ළමයි
එක් රොක් වෙන්
නා
රවුම වටේ යනවිට
කවි පද කියවෙන්නා
කොප්පර කොප්පර පිපීඤ්ඤා
පස්ස බැලුවොත් දෙසාඤ්ඤා



0

මල් පිපෙයි - අඹ යාළුවෝ

මල් පිපෙයි දෙනෙත් ඇරෙයි
කතා කියයි සෙමින්
හිරු එබෙයි එළිය දෙයි
කුරුලු ගී ඇ
සෙයි

0

විශාරද නන්දා මාලිනී-ගීතිකාවෝ

ගීතිකාවෝ රසයි හා කුරුල්ලන්ගෙදෝ
මේ කතා බස් ඇසෙන්නෙත් කුරුල්ලන්ගෙදෝ
මල් උයන් ලෝකයෙන් ආ කුරුල්ලන්ගෙදෝ
තාරකාවන් වැනී රන් කුරු
ල්ලන්ගෙදෝ

1

විශාරද නන්දා මාලිනී-ඈත පෙනෙන කඳු පාමුල

ඈත පෙනෙන කඳු පාමුල පිට්ටනියක හරක් කවන
පුංචි පුංචි ලමෝ පෙලක්
සෙල්ලම් කරතී
ඝන නිල් කොල පිරුනු ගසක් කිරි වතුරින් නාවන ලෙස
කඳුහිස් දවටා මීදුම් පහලට බසිතී
හීන් හඬින් ගලා බසින කඳු අත‍රෙහි දොලක ඈත
ගෑණු පිරිමි රංචු රංචු බැස දිය නාතී
වත්ත පහල ගහේ බැඳපු බඹර පෙත්තෙ හුලන් වැදී
රුං ගා කැරකැවෙන හඬින් කුරු
ල්ලෝ යතී
කෝපි කොකෝ තේ වතු සහ කඳුහිස් ඇල දොල පීරා
හමන සීත සුලන් රැල්ල ගත
සිත පිනවයි
වලාකුලේ හැංගීගෙන වැසි දෙවියන් විසින් එවන
සිරිපොද වැස්සෙන් නිත‍රම
කඳුහිස් තෙමෙතී